මාස දෙකකට කිට්ටුයි : ලැබුණ අය ඉන්නවාද ?
රුපියල් කෝටි 600 ක මුදලක් වැය කරමින් රටේ සියළුම පවුල් වෙත නොමිලේ ඖෂධ මංජුසාවක් බෙදාහැරීම පිළිබඳව කතාබහ ඇති වූයේ අද ඊයේ නොවේ.
කොරෝනා වසංගතයෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නොමිලේ බෙදා දෙන බව පැවසුන “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම සිදුකරන ලද්දේ පසුගිය සැප්තැම්බර් 28 වැනිදායි.
අරලියගහ මන්දිරයේ දී සිදුවිය දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා නිල වශයෙන් අග්‍රාමාත්‍යවරයා “සුව ධරණී” ඖෂධ මංජුසාව පිළිගන්වනු ලැබුවා.
“සුව ධරණී” ආයුර්වේද ඖෂධ මංජුසාව පළමු අදියර යටතේ දිවයින පුරා පිහිටි සියලුම පූජනීය ස්ථානවලටත්, දෙවන අදියරේ යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මහජනතාවටත් නොමිලේ ලබා දීමට සැළසුම් කර ඇති බව එහිදී අවධාරණය කෙරුනේ අදාල කටයුත්තට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙමින්.
සෞභාග්‍යයේ දැක්ම අනුව ගිය වැඩක්
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශය අනුව යමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අරමුණ ඇතිව බෙදාදෙන මෙම ඖෂධ මංජුසාව, සුව ධරණී ප්‍රතිශක්තීකරණ පානය, ගුඩුච්‍යාදී චූර්ණය සහ ඖෂධීය කැඳ වර්ගවලින් සමන්විත බවද ප්‍රකාශ කෙරුණා.
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ගෙයින් ගෙට ගොස් එම ඖෂධ මංජුසා බෙදාහැරීමට පියවර ගන්නා බවයි.
මේ සඳහා සැප්තැම්බර් 22 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණු බවද ඔහු ප්‍රකාශ කළා.
අලුත්ම තත්වය
කෝටි 600 ක මුදලක් එනම් රුපියල් බිලියන 6 ක මුදලක් වෙන්කොට මෙම කටයුතු සිදුකරන බව මුලින් සඳහන් වුවද පසුව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කර ඇත්තේ ඒ සඳහා වෙන් වූයේ මිලියන 250ක මුදලක් පමණක් බවයි.
මෙරට ඇති නිවාස සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂ 60ක් ලෙස සැලකුවහොත් වෙන්කර ඇති රුපියල් මිලියන 250ක මුදලින් එක් නිවසකට වෙන්වන්නේ රුපියල් 41.66කි. එම මුදලින් වෙළඳපොලේ ඇති පස් පංගුව පැකට් එකක්වත් දැන් මිලදී ගත නොහැකි සොච්චමකි.
එසේ නම් රටපුරා සෑම පවුලකටම ඖෂධ මංජුසා බෙදාහරින්නේ කෙසේද?
රටම රවටන මෙවැනි දෑ සත්‍ය ප්‍රකාශ කරමින් නිවැරදි කරන ආකාරයක් හෝ දක්නට නොවීම කණගාටුවට කරුණක්.
මෙයද ලංකාව තුළ කොරෝනා මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විසින්ම ප්‍රවර්ධනය කළ ධම්මිකගේ කාලි පැණිය, එලියන්තගේ කළගෙඩි අත ඇරිල්ල, රිටිගල රාවණා පැණිය වැනි මෙරට ජනතාව අමන්දානන්දයට පත් කළ ජවනිකාවක් ගෙන් එකක් වී තිබෙනවා.
රුපියල් බිලියන හයක් වෙන්කර සිදු කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියක් රුපියල් මිලියන 250 කින් සිදු කරන්නේ කෙසේද යන ප්‍රශ්නයට විෂයභාර අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පිළිතුරු ලබාදිය යුතුයි.
එමෙන්ම රුපියල් මිලියන 250 ක මුදල වියදම් කරමින් ඖෂධ මංජුසා ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳව ද ජනතාව දැනුවත් කිරීමට රජය පියවර ගත යුතුයි.
නැතිනම් එම මුදලට අත්වූ ඉරණම රටට හෙළිකිරීමද රජයේ වගකීමක් නොවන්නේද?
අදාළ ඖෂධ මංජුසාව බෙදාහැරීමේ තීරණය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ආකාරය පහළින්..
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී