Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යුධ හමුදාපතිවරයාගෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුළ එක් රැස් කර ගන්නා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙනවා.

21 වැනිදා සිට සමස්ත රටම ආවරණය කරමින් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව ජනතාවට කල් තියා දැනුම් දුන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීම සඳහා යම් කාල වේලාවක්ද සහිතව බවයි ඔහු සඳහන් කළේ.

සංචරණ සීමා පැන වූ විට කිසිවෙකුට මං මාවත්වල ගමන් කිරීම ආදී කටයුතු සිදු කිරීමට ඉඩ නොලැබෙන බැවින් නැවත මේ බව සිහිපත් කරන බව කියූ යුධහමුදාපති වරයා නිරෝධායන නීතිරීති සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් අවශ්‍ය භාණ්ඩ එක්රැස් කර ගන්න ලෙසද ජනතවට සිහිපත් කළා.

වයස 55 ඉක්මවූ පුරවැසියන්ට විශේෂ පණිවිඩයක්

මේ අතර වයස අවුරුදු 55 ට වැඩි කවරෙකුට හෝ ස්වසන අපහසුතා වැනි කොරෝනා ආශ්‍රිත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළත් වන ලෙස හෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස ද යුධ හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙනවා.

About The Author