මනිපායි – නවාලි, අත්තගිරි ප්‍රදේශයේ ඉඩමකදී යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද දින (14) පෙරවරුවේ සිදු කරන ලද සෝදිසි කිරීමක දී අත් බෝම්බ 111ක් සොයාගෙන ඇති බවට වාර්තා වෙයි.
සී සාමින් සිටි පුද්ගලයෙකුට හඳුනාගත නොහැකි ලෙසින් වළ දමා තිබූ ද්‍රව්‍යයක් නිරීක්ෂණය වී ඇති අතර, ඔහු විසින් සිදු කරන ලද දැනුම්දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මෙම මෙහෙයුම සිදු කරනු ලැබ තිබේ.
ඒ අනුව මනිපායි පොලිසිය සමග ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද උදෑසන අධිකරණ අවසරය මත මෙම අත් බෝම්බ ගොඩගැනීම සිදු කරනු ලැබ තිබේ. ගොඩ ගනු ලැබු අත් බෝම්බ තොගය නිෂ්ක්‍රීය කිරීම සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය රැගෙන ගොස් තිබෙන අතර මෙම අත්බෝම්බ තොගය එල්.ටී.ටී.ඊ. යුද සමයේ වළ දැමූ ඒවා බවයි පොලිසිය විසින් සදහන් කරනු ලැබ තිබෙන්නේ.
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා