පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම තහනම් කර තිබේ.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල මණ්ඩලයේ ඊයේ පස්වරුවේ රැස්වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති ත්‍රීපාල සිරිසේන මහතා විසින් දයාසිරි ජයසේකර මහතා වෙත ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව ජයසේකර මහතාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඉදිරි දෙසතියක කාලය ඇතුළත අදාළ චෝදනා පත්‍රය ලබා දෙන බවත් ලිපියේ සඳහන් වෙයි.
ශ්‍රීලනිප මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සදහා සරත් ඒකනායක මහතා පත් කර ඇත.



අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්