රට විනාශ කළ රාජපක්ෂ ආණ්ඩුව සහ ඒ හා සම්බන්ධ පාර්ශ්ව සමඟ අන්තර්කාලීන සූදුවලට එළඹීමට සමගි ජන බලවේගය සුදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ ඊයේ දින (01) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවති සමගි ජන බලවේගයේ පළමු මැයි දින රැලිය අමතමිනි.
”සමගියේ බලය පෙන්වන නිදහස් අරගලය” යන තේමාවෙන් සමගි ජන බලවේගයේ මැයි දින පාගමන දහවල් 2ට බොරැල්ල – කැම්බල් පිටියෙන් ආරම්භ විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
“මිත්‍රවරුණී දැන් බෑග් පිටින් එනවාලු සල්ලි. මොනවට ද ගණුදෙනු කරන්න. අපි තීන්දුවක් අරගෙන තියෙනවා හොර ආණ්ඩුවේ කොටස්කාරයෝ එක්ක ගිවිසුම් ගහන්නේ නැතුව ඉන්න. පොඩ්ඩක් අත් ඔසවලා පෙන්නවන්න බලන්න අපේ තීන්දුවට කැමති කට්ටිය. ඩීල් දානවාට අකමැතියි නේද? අන්තර්කාලීන ආණ්ඩු එපා නේද ? ගොල්ෆේස් ජන අරගලය පාවා දෙන්න එපා නේද ? එහෙනම් මිත්‍රවරුණී ඔය අන්තර්කාලීන සූදුවලට අපි සූදානම් නැහැ. අපිට නූල් සූත්තර දේශපාලනය ඔබින්නේ නැහැ. මම කියනවා රට විනාශ කරපු මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අපිට ගනුදෙනු නැහැ. මේ හොරු එක්ක ගනුදෙනුවක් නැහැ නැහැමයි. ආදරණීය ලංකාවාසී ජනතාවනී අපි සූදානම් රටේ වගකීම භාරගන්න. රටේ වගකීම භාර ගන්නවා පමණක් නෙමෙයි අපි මේ රට ගොඩගන්නවා සත්තයි.”
යනුවෙන් පැවසීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට