Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මේ මාළු ජාති කන්න හිතන්නවත් එපා, කන්න කියනවා නම් මාළු පිළිබඳ රසායනාගාර පරීක්ෂණයක් අත්‍යවශයි – ප්‍රකට සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු අනතුරු අඟවයි

මෙම කාල සීමාව තුළ මත්ස්‍ය පරිභෝජනය සිදු කිරීම අවදානම් සහගත බව සමුද්‍ර ජීව විද්‍යාඥ ශාන්ත ජයවීර මහතා පවසනවා.

ඔහු අනතුරු අඟවන්නේ මත්ස්‍යයින්ගේ සිරුරු තුළ රසායන ද්‍රව්‍ය තැන්පත් වීම එයට හේතුව බවයි.

එමෙන්ම මුහුදේ දිය නෑම සහ රැල්ල පෑගීමට යාම පවා මේ දිනවල අවදානම් සහගත බවද ඔහු පෙන්වා දුන්නා.

සාගර ජලයට එක්වූ රසායන ද්‍රව්‍ය මුහුදු ජලය සමඟ ප්‍රතික්‍රියා කර නිපපදවිය හැකි අහිතකර රසායනික සංඝටකයන් පිළිබඳ නිසි අධ්‍යනයක් ද නොමැති පසුබිමක මුහුද සමඟ ගනුගෙනු කිරීමේදී ඉතා කල්පනාකාරී සහ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කළේ X – Press Pearl නෞකාවේ සිදුවීම පිළිබඳ Mee Massoo TV සමඟ විශේෂ කතා බහකට එක් වෙමින්.

එහිදී මත්ස්‍ය වර්ග කිහිපයක නම් සඳහන් කළ ශාන්ත ජයවීර මහතා පැවසුවේ මෙම තත්වය මත එම මසුන් ආහාරයට ගැනීම පිළිකා පවා ඇති වීමට හේතු විය හැකි බවයි.

එමෙන්ම මසුන් ආහාරයට ගැනීම සුදුසුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ රසායනාගාර පරීක්ෂණයකින් බවද ඔහු මෙහිදී අවධාරණය කළා.

මීට අමතරව අදාළ අනතුර හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුව ඇති බලපැම පිළිබඳව ද ඔහු විශේෂයෙන් කරුණු හෙළි කළා.

සම්පුර්ණ වැඩසටහන බලන්න..

About The Author