Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මේ ආණ්ඩුවට බෞද්ධ අපි රැවටුණා, මේක බුදුසරණයි කියල ගහගෙන හොර හරක් අදින ලොරියක් වගේ – බුද්ධංගල ජිනවංශ හිමි

වත්මන් ආණ්ඩුවට සිංහල ජනතාව ප්‍රමුඛ සියලු කණ්ඩායම් රැවටුණු බව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුද්ධංගල ජිනවංශ හිමියන් සඳහන් කරනවා.

මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරන උන්වහන්සේ පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බුදුසරණ බෝඩ් ලෑල්ල ගසා ගෙන හොර හරක් ජාවාරමේ යෙදෙන ලොඉ රථයක් වැනි බවයි.

ආණ්ඩුව කපටින්ගෙන් සහ ඩිල් කාරයන්ගේ පිරුණු එකක් බව ද පවසන උන්වහන්සේ පොහොට්ටුවේ ඇතැම් බලගතු නායකයන්ගේ ක්‍රියා කලාපය නිසා 69 ලක්ෂයක් ජන්දය දුන් ජන්ද දායකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද සඳහන් කරනවා.

ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කටයුතු කළ ජාතික ව්‍යාපර යයි කියා ගන්න පක්ෂවල නායකයන්ට මාධ්‍ය හමුවක් තබා ගැනිමටවත් ජනතාව ඉදිරියට පැමිණිය නොහැකි තත්වයක් උදා වී ඇති බවද පවසන උන්වහන්සේ වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කැපවී ක්‍රියාකළ භික්ෂුන්වහන්සේටද අත්ව ඇත්තේ එම ඉරණමම බවයි සඳහන් කරන්නේ.

අදාළ සම්පුර්ණ නිවේදනය

කෙසේ වෙතත් ඉහත ලිපියේ සඳහන් ඩී.එස් සේනානායක විද්‍යාලයේ ඉඩම පවරා ගැනීමේ කටයුත්ත නතර කිරීමට තීරණය කළ බව රජය විසින් නිල වශයෙන් දන්වා තිබෙනවා.

About The Author