අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයින් සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවනවා.
එම පක්ෂ නායක රැස්වීමට ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ , ඒ.එල්.එම්. අතාවුල්ලා, ටිරාන් අලස් ,අසංක නවරත්න යන මහත්වරුන් ද ,අතුරලියේ රතන හිමියන් ද සහභාගී වී නැහැ.
පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ අතර ,ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් නොවන විශාල පිරිසකට ආරාධනා කර තිබූ නිසා මෙම පක්ෂ නායකයින් පිරිස අදාළ රැස්වීම වර්ජනය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.
එම පක්ෂ නායකයන් පසුගියදා (03) පස්වරු 5 ට පමණ අරලියගහ මන්දිරයට ගොස්, රැස්වීමට සහභාගි නොවන බව අගමැතිවරයාට දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ තමා ඇතුළු පිරිස අගමැතිවරයා හමු වී පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් බවයි.
තමා සමඟ වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ,එල් එම් අතාවුල්ලා ,ජයන්ත සමරවීර, යන මහත්වරුන් සහ අතුරලියේ රතන හිමියන් අරලියගහ මන්දිරයට ගොස් අගමැතිවරයා හමුවූ බව ද ඔහු පැවසුවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් ලබන එකොළොස් වැනිදා කැඳවන බව අගමැතිවරයා තමන්ට දැනුම් දුන් බව ද වීරසිංහ මහතා සඳහන් කළා.
කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ කිහිපයක නායකයින් ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම වර්ජනය කිරීමේ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම අයුරින් පක්ෂ නායක රැස්වීම වර්ජනය කීමට ඔවුන් කටයුතු කළ අතර ඔවුන් වෙනම රැස්වීම් වට කිහිපයක් පැවැත්වීමටද කටයුතු කර තිබුණා.
© මුලාශ්‍රය – ලංකාදීප
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට