මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් මෙම සතිය තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.
එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පවත්වන බවය.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් මේ වන විට ඊට අදාළ කටයුතු සිදුකිරීම දුෂ්කර වී තිබේ.
ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ඊයේ (15) සිදුකිරීමට නියමිතව තිබුණ ද ඒවා මුද්‍රණයට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් එම කටයුතු සිදුකෙරුණේ නැහැ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය මේ මස 22,23 සහ 24 යන දිනවල දී පැවැත්වෙන බවට ප්‍රකාශ කර ඇති අතර සැලසුම් කළ පරිදි එම දිනවලම ඡන්ද විමසීම සිදුකිරීමට අපේක්ෂා කරන බව ද මැතිවරණ කොමිසම පැවසුවේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට