Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මීළඟ ගිනි කන්ද අයිස්ලන්තයේ.

ලොව පුරා ගිනි කඳු පිපිරෙමින් යන මේ අවධියේ අයිස්ලන්තයේ ද එවැනි ව්‍යසනයක් ඇති වීමට ඉඩකඩ තිබෙන බව පෙනේ. 

විද්‍යාඥයින් පවසා ඇත්තේ එරට අගනුවර වන රේක්ජාවික් සිට සැතපුම් 20ක් පමණ දකුණින් පිහිටි කෙයිලර් කන්ද අසල දින කිහිපයක් තිස්සේ නිරන්තර භූ කම්පන ක්‍රියාවලියක් සිදු වන බව යි. ඉන්පසුව ගිනිකඳු පිපිරීමක් ඇති විය හැකි බවට ප්‍රබල සංඥා නිකුත් වෙමින් පවතිතැයි ඔවුහු පවසති.

අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලයේ ක්‍රිස්ටීන් ජොන්ස්ඩැටිර් ප්‍රදේශීය මාධ්‍ය වෙත පැවසුවේ “පිපිරීමක් ආරම්භ වී ඇති බව අපි නොකියමු. එනමුත් මෙය එවැනි අවස්ථාවක දි සිදු වන ආකාරයේ ක්‍රියාකාරිත්වයක් සේ පෙනේ.” යනුවෙනි.

දූපතේ සිවිල් ආරක්ෂක බළකායේ වීර් රෙනිසන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ 12 වන සියවසෙන් පසු ප්‍රදේශයේ සිදු වනනට යන පළමු ගිනිකඳු පිපිරීම ආරම්භ වීමට ආසන්න බවත් එය ඉදිරි පැය කිහිපය තුළ සිදුවිය හැකි බවත් ය.  

එනමුත් කිසිදු බරපතල ව්‍යසනයක් සිදු නොවනු ඇති හෙයින් සෑම කෙනෙකුට ම ඔවුන්ගේ දෛනික ජීවිතයේ වැඩකටයුතු සිදු කර ගෙන යාමට හැකි වනු ඇති බව ඔවුහු පවසති. 

කෙසේ වුවත් ජනතාව රේක්ජන්ස් අර්ධද්වීපයේ සංචාරය කිරීමෙන් වැළකී සිටිය යුතු ය.

About The Author