මිරිහානේ පිහිටි, ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවය අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීම මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් අධිපති නිස්සංක සේනාධිපති මහතා විසින් බව අද (06) පාර්ලිමේන්තුවේදී හෙළිවුණා.
ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සිදු කළ හෙළිදරව්වක් හේතුවෙනි.
එහිදී ඔහු සඳහන් කර සිටියේ,
“මිරිහානේ ජනාධිපති නිවස ඉදිරිපිට විරෝධතාවය යනකොට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ හදිසි මීටිමක් කැඳෙව්වා. ඒ රැස්වීමට ඇවන් ගාඩ් එකේ ප්‍රධානියා නිස්සංක සේනාධිපතිත් සම්බන්ධ වුනා. මම වගකීමෙන් කියන්නේ. නිස්සංක සේනාධිපති තමයි එතන රැස්වීම සම්පූර්ණයෙන් මෙහෙයෙව්වේ. ඒ නිස්සංක සේනාධිපති මිරිහාන සිදුවීම පිළිබඳව නිස්සංක සේනාධිපති ඉතා පැහැදිලිව කිව්වා, බයවෙන්න දෙයක් නැහැ මම මිරිහානට 200ක් බැස්සුව කිව්වා. පවුල් පිටින් මම 200ක් බැස්සුවා කිව්වා. නිස්සංක සේනාධිපති ආරක්ෂක අමාත්‍යාංශයේ ඒ හදිසියේ කැඳවපු රැස්වීමෙදි ඉතා පැහැදිලිව කිව්වා මම 200ක් මිරිහානට පවුල් පිටින් බස්සලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. ආණ්ඩුවම දැනුවත්ව මැදිහත්වෙලා මේ උද්ඝෝෂණ කඩාකප්පල් කාරී කරලා, ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන්න ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තියෙනවා. මේ රටේ ජනතාව ඒක දැනගත යුතුයි. ඒ නිසා අපි උද්ඝෝෂණ කරුවන්ටත් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා එවැනි ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට යන්න එපා. ආණ්ඩුවේ කුමන්ත්‍රණයට අහුවීමක් වෙනවා. ඒකෙන් වෙන්නේ ඇත්ත ප්රශ්නය යට ගැහීමක්.”


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්