මිනිස්සු මැරිල හරි තමන්ගේ දේශපාලන සිහින ළඟා කරගන්නට සිතාගෙන සිටින විපක්ෂ කල්ලියට රජයේ වැඩ පිළිවෙලට මඩ ගසමින් කටයුතු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.
මහාමාර්ග අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.
එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..
“මේ වන විට කොවිඩ් වසංගතය සඳහා එන්නත් ලබා ගැනීමට ලොව පුරා තරඟයක් ඇති වෙලා තිබෙනවා.
ලෝකයේ සියළු රටවල වාගේ මේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙලා තිබෙනවා.
ඉහල ප්‍රමිතියෙන් උසස් එන්නත් තමයි අපි ජනතාවට ලබාදිය යුත්තේ. එමෙන්ම මේ වන කොට කිසිම එන්නතක් තමන්ගේ රටට ලබා ගැනීමට නොහැකි වූ රටවල් පනහකට අධික සංඛ්‍යාවක් තිබෙනවා . ඒ අතින් අපේ රට වාසනාවන්තයි.
අතිගරු ජනාධිපතිතුමා විදේශ රටවල් සමඟ සාකච්ඡා කරලා මේ වෙද්දි අපේ රටට වර්ග තුනක එන්නත් මාත්‍රා ලබාගෙන ලබා ගෙන තිබෙනවා .
මිනිස්සු මැරිල හරි තමන්ගේ දේශපාලන සිහින ළඟා කරගන්නට සිතාගෙන සිටින විපක්ෂ කල්ලියට නම් මේක බලාගෙන ඉන්න බැහැ. ඒ නිසා ඔවුන් මේකට මඩ ගහනවා” යනුවෙන් පැවසිය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට