රසායනික පොහොර භාවිතය නතර කර දමා කාබනික පොහොර භාවිත කරන ලොව එකම දුපත බවට ශ්‍රී ලංකාව පත් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා.
ඔහු පවසන්නේ රසායනික පොහොර නතර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගනු ලැබූ තීරණය කාලෝචිත වැදගත් වටිනා තීරණයක් බවයි.
යම් හෙයකින් මෙම තීරණය හේතුවෙන් ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් එහි වන්දිය රජය විසින් ගොවීන්ට ලබා දෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්න කළේ යම් ආකාරයකින් එක්වරම රසායනික පොහොර භාවිතය නවතා දැමීම සමග සහල් හෝ එළවලු හිඟයක් ඇති වුවහොත් කුමක් කරන්නේද යන්නයි.
ඊට ප්‍රතිචාර දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ එසේ වුවහොත් ඒවා පිටරටින් ගෙන්වන බවයි.
ජනතාව වස විස කනවාට වඩා එය හොඳ බවද ඔහු සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට