Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාර්තු 05 වෙනිදායින් පසු විදුලි කප්පාදුව අවසන් කිරීමට හැකිවෙයි : ඇමති බැසිල් අනාවැකි පළ කරයි

ඛනිජතෙල් නීති ගත සංස්ථාවේ කෑලි ගලවන්නට තීරණය කෙරේ

එලැඹෙන පස්වැනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ​ඊයේ දන්වා ඇති බව වාර්තා වනවා.

මාර්තු මාසය අවසන් වන විට ප්‍රවාහන අර්බුදයද අවසන්ව සියල්ල යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කර ඇති බවද සඳහන්.

දුම්රිය හා බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදීමේ යෝජනාවක්ද මෙහිදී ඉදිරිපත්ව තිබෙනවා.

මීට පෙර විදුලිය බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමේ බලය ද සෘජුවම ලංකා විදුලිය බල මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුයේ මෙතෙක් ඒ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තිබු බලය ඉන් ඉවත් කරමින්.

ධීවරයන්ට භූමි තෙල් සහනාධාරය අඛණ්ඩව ලබා දීම හෝ දිරි දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන්ද ඇමැති මණ්ඩලයේදී සාකච්ඡා වී ඇති බවද සඳහන්.

About The Author