ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවට පූර්ණ සහාය පළකරන බව අමෙරිකාව පවසනවා.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් (Antony Blinken) මහතා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් මේ බව පවසා තිබෙනවා.
ලොවපුරා මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අමෙරිකාව කැප වී ක්‍රියා කරන බවද රාජ්‍ය ලේකම්වරයා පවසා තිබෙනවා.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ( Donald Trump) මහතා අනුගමනය කළ රාජතාන්ත්‍රික ප්‍රතිපත්තීන් වෙනස් කොට මානව හිමිකම් සුරක්ෂිත කරන නව ප්‍රවේශයකට නව ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ නායකත්වය යටතේ අමෙරිකාව කටයුතු කරන බවද ඔහු ජගත් මානව හිමිකම් සැසිවාරයට එක් වෙමින් සඳහන් කර තිබෙනවා.
ජනාධිපති, ජෝ බයිඩන් (Joe Biden) මහතා සිය ධුරයේ සිටි පළමු සතියේ දී නිවාස, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ආදිවාසීන්ගේ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ ආසියානු ඇමරිකානුවන්ට වෙනස් කොට සැලකීම් ආදී සමාජ අසමනතාවන් විසදීම සඳහා පියවර ගන්නා බව පෙන්වා දුන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා “යුක්තිය, ගෝලීය වශයෙන් ඉදිරියට ගෙන යාමට අප තවත් බොහෝ දේ කළ යුතු බවද” සඳහන් කළා.
කවුන්සිලයේ සාමාජිකත්වය මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඉහළ ප්‍රමිතීන් පිළිබිඹු කිරීම සහතික කිරීම කෙරෙහි එක්සත් ජනපදය අවධානය යොමු කරන බව පැවසු රාජ්‍ය ලේකම්රවරයා නරකම මානව හිමිකම් වාර්තා ඇති අය කවුන්සිලයේ සාමාජිකයන් නොවිය යුතු බවද පැවසුවා.
සිරියාවේ සහ උතුරු කොරියාවේ අඛණ්ඩව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීම නොමැතිකම පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව ඇතුළු ලොව පුරා අවධානයට ලක්වන ගැටළු විසඳීමට මෙම සැසියේදී ඉදිරිපත් කෙරෙන යෝජනා වලදී ඒ සඳහා සහය පල කරන බවද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය කතාවේදී අවධාරණය කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට