Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාධ්‍ය මර්දනය එරෙහිව නාමල්ගෙන් නිවේදනයක්

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තු වෙත කැඳවීම, සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු ඇඟවීමක් හා මර්දනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

නිවේදනයක් නිතුක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, මෙසේ සිදුකරන මාධ්‍ය මර්දනය තමා තරයේම හෙළා දකින බවය.

මර්දන නීතිවලට එරෙහිව සටන් කලා යැයි කියන දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙළාදකින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක් මහින්ද ඉලේපෙරුම කර්තෘත්වය හොබවන අරුණ පුවත් පතේ පළකිරීම හේතුවෙන් මෙලෙස ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවද මන්ත්‍රීවරයා අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, මෙවැනි සිදුවීමකදී පළමුව කර්තෘවරයා ගැන පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම සිදුකළ යුතු බවත් එවැනි ක්‍රමවේදයකින් තොරව මෙසේ අයුතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ආණ්ඩුවේ මර්දනය පිළිබඳ හොඳම සාක්ෂියක් බවය.

ඒ අනුව තමා මාධ්‍ය මර්දනය හෙළා දකින බවත් මෙසේ මාධ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීම ඉතා කනගාටුදායක බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අදාළ නිවේදනයේ දක්වා ඇත.

About The Author