ගත්ත සල්ලි මහින්දගේ යාළුවන් වෙනුවෙන් වියදම් කරලා : තවත් කොටසක් එළියේ ආයෝජනය කරලා
තමන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමෙන් මුදල් ලබා ගත්තේ විගණනය කරද්දිත් ගැටලුවක් වේ යැයි සිතු නිසා බව ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා ලෙස රාජකාරි කළ උදිත් ලොකු බණ්ඩාර මහතා සඳහන් කර ඇති බව වාර්තාවනවා.
ඔහු ඒ බව සඳහන් කර ගත්තේ ඇත්තේ අග්රාමාත්යවරයාගේ බැංකු ගිණුමෙන් විශාල මුදල් ඉවත් කරගෙන ඇති බවට හෙළි වීමෙන් පසු අග්රාමාත්යවරයාගේ ආරක්ෂක ප්රධානියා විසින් කළ විමසීමකදී බවයි පැවසෙන්නේ.
‘විගණනය කරනකොට ප්රශ්නයක් වන නිසා මම ඒ මුදල ඇදලා වෙනම ඉන්වෙස්ට්මන්ට් කළා. ලක්ෂ එකසිය හැටක් විතර එතන ඇති. ඉතුරු මිලියන කිහිපයක් හෝටල් වලට ගෙවලා තියෙනවා. අගමැති තුමා වෙනුවෙන් මම එයාගේ හිතවතුන්ට විනෝද වෙන්න වියදම් කළා’ යැයි ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් පසු දිනම උදිත් ලොකුබණ්ඩාර මහතා විසින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ගෙනැවිත් අගමැති මැදුරට භාර දී ඇති බවද වාර්තාවනවා.
© උපුටා ගැනීම – Lanka C News
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?