සිංහරාජය ඇතුළු සංවේදී වනාන්තර පද්ධතිය විනාශ කරමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කර ඇති එකඟතාවයන්ට අනුව සිදුවන විනාශය පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වලට ද පැමිණිලි කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා (04) වනදා තලපත්පිටිය ප්‍රදේශයේ පැවති “පරපුර” යොවුන් කතිකාවට එක් වෙමින්.
රටේ වනාන්තර පද්ධතියේ වටිනා කම රාජ්‍ය පාලකයින් විසින් අවබෝධ කර නොගැනීම හරහා සිදුවන බරපතල විනාශය පිළිබඳ දීර්ඝ ලෙස කරුණු සඳහන් කළ වික්‍රමසිංහ මහතා වත්මන් ආණ්ඩුව ඉවක් බවක් නොමැතිව සිදු කරන වන සංහාරයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය තරුණ ප්රජාවද සමග එක්වෙමින් කටයුතු කරන බවද අවධාරණය කළා.
මේ අතර වන විනාශයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධනය කරන උද්ඝෝෂණයක් හෙට (06) උදෑසන 9.30 ට තුම්මුල්ල වටරවුම අසලදී පවත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.
Ranil sajith akathuwi nawa sandanayak sada paminenna akai ape pathuma balaporoththuwa