අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ පිහිටි ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක්වී නැතැයි පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ මෝටර් රියට මෙසේ වෙඩි කිහිපයක් තබා පලා ගොස් තිබිණැයි කියති.
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ඒ මොහොතේම ඒ ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළහ.
ඔහු පසුගිය දිනවල කළ සමහර ප්‍රකාශද සමාජයේ ආන්දෝලනයට ලක්වී තිබෙන අතරතුර මෙම ප්‍රහාරය එල්ල වීමද විශේෂයට කරුණක් වෙනවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්