Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බූස්ස බන්ධනාගාරයේ ලයිට් කපා ගේමක් ගහලා – ගනේමුල්ල සංජීව ඇතුළු ප්‍රබල සිරකරුවන් රැසක් හෙළිකළ කරුණු එළියට එයි 

ගනේමුල්ල සංජීව, පොඩි ලැසී , දෙමටගොඩ චමින්ද, ජුලම්පිටිය අමරේ , කළු මහත්තයා, වෙලේ සුදා ඇතුළු මෙරට නමගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස චෝදනා ලැබුවන් සහ වරදකරුවන් බවට පත් වුවන් රඳවා තබා ඇති මෙරට අධි ආරක්ෂිතම බන්ධනාගාරය වන බූස්ස බන්ධාගාරය තුළ සිදුවූ අකටයුතු කම් පිළිබඳව සහ සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් පිළිබඳ මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා.

නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ඇතුළු ත්‍රිපුද්ගල කමිටුවක් විසින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

එම වාර්තාව සම්පාදනය කිරීමේදී ඒ වන විට බූස්ස බන්ධනාගාරයේ රැඳී සිටි බරපතල ගණයේ අපරාධවලට සම්බන්ධ වූ බවට සැළකෙන පුද්ගලයින් 60 දෙනෙකු ඇතුළු පිරිසකගෙන් එම කමිටුව කරුණු රැස් කරගත් බවයි එම කමිටුවේ සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවන්න්නේ.

එහීදි රැඳවියන් සිදුකළ ඉල්ලීම මෙන්ම ඔවුන්ගේ ජීවිත වලට පැවති තර්ජන පිළිබඳ ද  කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම කරුණු විමසීම් වලදී පසුගියදා මියගිය ගනේමුල්ල සංජීව ද තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳ කමිටුව හමුවේ කරුණු දක්වා ඇති බව පැවසෙනවා.

එමෙන්ම අධි ආරක්‍ෂිත බන්ධන්ගාරය තුළ විදුලිය විසන්ධි කර ඇතැම් පිරිස් සන්නිවේදන උපකරණ භාවිත කිරීමේ සිදුවීමක් පිළිබඳව ප්‍රතිභා මහානාම හේවා මහතා කරුණු හෙළිකර ඇත්තේ අදාළ වාර්තාව පිළිබද අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින්.

About The Author