පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හදුනාගෙන ඇති බව රජය ප්‍රකාශ කළද සත්‍ය වශයෙන්ම ඔවුන් එම ප්‍රහාරයේ සුළු සුළු භූමිකාවන් වලට සම්බන්ධ වූ පිරිස් වන බවත්,ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධාන සැලසුම් කරුවන් තවමත් නිදැල්ලේ පසුවන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී (07) සඳහන් කළා.
ඔහු පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය සඳහා මෙරට බුද්ධි අංශවලට තොරතුරු ලබා ගැනීම සඳහා සම්බන්ධ කරගෙන සිටි පුද්ගලයන්ගේ සහය සහ මැදිහත් වීමද හිමිව ඇති බවයි.
නමුත් එම පුද්ගලයින් ආරක්ෂා කිරීමට යම් පිරිසක් උත්සහ දරන බවද හකීම මහතා පැවසුවා.
මීට අමතරව ඊශ්‍රායල් බුද්ධි අංශය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දැයි යන සැකයක් ද මේ වන විට මතු ඇති බවද ඔහු අනාවරණය කළා.
ඔහු මේ අදහස් පළකළේ පාස්කු ප්‍රහාරයේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට