රාජපක්ෂ පවුලේ බඩපිස්සා වන බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන ජුලි මස 8 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව බොහෝ දුරට එදිනම ඔහු මුදල් සහ ආර්ථික ක්‍රමසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා මේ වනවිට ජාතික ලැයිස්තුව නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඉන් ඉවත්වීම අනිවාර්යයයෙන් සිදුකළ යුත්තක්.
මේ වන විට රාජපක්ෂ මහතා වෙනුවෙන් මන්ත්‍රි ධුරය පිරිනැමීම සඳහා පොහොට්ටුව තුළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දරන පිරිස අතර පොරයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝ දුරට එම අවස්ථාව රංජිත් බණ්ඩාර මහතා විසින් හිමිකර ගනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු අපට දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරක්.
” තාම මම නම් එහෙම දෙයක් දන්නෙ නැහැ. අනික බැසිල් මහත්තයා වෙනුවෙන් මගේ මන්ත්‍රීධුරය පරිත්‍යාග කරන්න තියෙනවා නම් ඒක මොන තරම් දෙයක්ද”
ඒ අනුව එලෙස ඉල්ලා අස් වන පුද්ගලයාට රජයේ ඉහළම තනතුරක් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වනවා.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික ක්‍රමසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉන්ධන මිල සංශෝධනය කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති අතර බොහෝවිට රුපියල් 5 ත් 10 ත් අතර මිලකින් ඉන්ධන මිල පහල දමනු ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකු වූ බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මහමැතිවරණයේ දී අපේක්ෂකයෙකු ලෙස තරග කළේ නැහැ.
ඒ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා පැවැති ව්‍යවස්ථාමය බාධාව හේතුවෙන් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව සම්මත කරන ලද විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමගින් එම බාධාකාරී තත්ත්වය පහව ගොස් තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට