Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බැසිල්ට එරෙහිව විශ්වාසභංග ඉඟියක් : විපක්ෂය ආණ්ඩුව ගල උඩ සටනකට කැඳවන ලකුණු

සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගෙන් දේශපාලන ඉඟියක්

පාර්ලිමේන්තුවට නොපැමිණෙන, විපක්ෂයෙන් මතු කරන ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා නොදෙන , ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ පිළිබද තමන් ඇතුළු විපක්ෂයට මෙන්ම රටේ ජනතාවට ද විශ්වාසයක් නැතැයි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ තත්ත්වය තුළ මුදල් අමාත්‍යවරයා පිළිබඳ විශ්වාසය භංග වී ඇති බවයි.

මේ අනුව පවතින තත්වය පිළිබඳ විපක්ෂයේ අවධානය යොමුව ඇති අතර ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදය සහ ආණ්ඩුව තුළ ඇති බැසිල් විරෝධී බලවේගය ද එකට එක්කොට බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනඒම පිළිබඳ විපක්ෂයේ කතාබහක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.

යම් හෙයකින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවොත් ආණ්ඩුව තුලද දෙකඩ වීමක් සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

නමුත් ඇතැම් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම නුවණට හුරු නොවන බවයි.

ප්‍රසිද්ධියේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව හඬ නගන ආණ්ඩුවේ පිරිස් ඔහුට එරෙහිව ඡන්දය ලබා නොදෙනු ඇති බවත් බොහෝවිට උපක්‍රමශීලීව ඡන්දය මඟහරිනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ නමුත් යම් හෙයකින් අදාල විශ්වාසභංග යෝජනාව ගෙන ආවොත් පක්ෂ විපක්ෂ දේශපාලනය තුළ බරපතළ කැලඹීමක් නිර්මාණය වනු ඇති බවට අදහස් මතුව තිබෙනවා.

About The Author