ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ංකා පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී තිබෙන ආරක්ෂාව ප්රමුඛ සියලු කටයුතු සඳහා අවශ්‍ය කටයුතු නිසි පරිදි පිළියෙල කර ඇති බව වාර්තා වේ.
මේ අනුව, ජාතික ආවරණයක් සහිත ජාලයකින් සමන්විත පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාල 670ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධයෙන් ඒකක 22ක් පිහිටුවා ඇති අතර පොලිස් කොට්ඨාස මැදිරි 45ක් ක්‍රියාත්මක කර ඇත. එමෙන් ම ඊට අනුබද්ධ මැතිවරණ මෙහෙයුම් කාර්යාල 602ක් පොලිස් ස්ථාන මට්ටමින් පිහිටුවා තිබේ.
මේ සියල්ල රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේ ජාතික පොලිස් මැතිවරණ මැදිරියට ඒකාබද්ධ කර ඇත. දිස්ත්‍රික් පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරිවලට නිලධාරීන් 11 දෙනෙකු බැගින් අනුයුක්ත කර ඇති අතර අවශ්‍යතාවය පරිදි අනෙකුත් මෙහෙයුම් කාර්යාල සඳහා ද සේවය සඳහා අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.
©LankaTruth


අත නොහැර කියවන තැන
හිටපු කතානායක අත්අඩංගුවට
බස් රථයක් පෙරළී 9ක් මරුට – 30කට වැඩි පිරිසකට තුවාල
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි