Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කැබ්නට් මණ්ඩලයට

රජය සහ බස් හිමියන් අතර මත ගැටුමක්

බස් ගාස්තු සංශෝධනය හෙට (14) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පවසයි

ඔහු සදහන් කරන්නේ අවම බස් ගාස්තුව බොහෝ දුරට රුපියල් 19ක් හෝ 20ක් වනු ඇති බවයි.

ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් සංගම් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

ඒ අනුව හෙට(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ යනු ඇතැයිද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය අවධාරණය කරන්නේ අවම බස් ගාස්තුව රුපියල් 30 ක් බවට පත් කළ යුතු බවයි.

About The Author