අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබේ.
පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් ඇති බවය.
ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය කොළඹ – දෙනියාය බස් රථයකි.
අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවද පොලීසිය පැවසීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට