පෞද්ගලික බස් කර්මාන්තය සඳහා මෙවර අයවැයෙන් කිසිදු සහනයක් හිමි නොවූ බව බස් රථ සංගම් පවසති.
අයවැයට පෙර පෞද්ගලික බස් සංගම් සමග කිසිදු සාකච්ඡාවක් හෝ සිදුනොකර මෙවර අයවැය සකස් කර ඇතැයිද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ලීසිං පොලී අනුපාත අඩුකිරීම, බස් රථ ආනයනයට අවසර ලබාදීම, ඉන්ධන සහනාධාරයක් ලබාදීම ඇතුලු සහන බස් සංගම් මෙවර අයවැයෙන් අපේකෂා කළ බවත් ඔහු සඳහන් කළේය.
පෞද්ගලික බස් කර්මාණ්තය සඳහා අවශ්‍ය සහන ලබැගැනිම සම්බන්ධයෙන් අයවැය යෝජනාවලියෙන් පසුව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවත් ඔහු තවදුරටත් කීවේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට