එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන සන්ධානයක් අද (27) පිහිටුවනු ලැබුවා.
ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වුණා.
එම දේශපාලන සන්ධානයට අදාළ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබුණා.
මෙම නව සන්ධානය හරහා දිලිත් ජයවීර, උදය ගම්මන්පිල,විමල් විරවංශ, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, චන්න ජයසුමන, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසකගෙන් යුක්ත වන අතර ඔවුන් බොහෝ දෙනෙකු පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ පිරිසක් වීම විශේෂත්වයක්.
මේ අවස්ථාවට හිටපු ආණ්ඩුකාරවරුන් වන හෙම කුමාර නානායක්කාර, අනුරාධා යහම්පත්, හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් නන්ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.





අත නොහැර කියවන තැන
ඩයනාගේ නඩුව දෙසැම්බර් 15 දාට කල් යයි
මේ ඉන්නේ මම නෙමෙයි, නීතිමය ක්රියාමාර්ග ගන්නවා – නිලන්ති කොට්ටහච්චි
”රටම එකට ජාතික මෙහෙයුම” අද ජනපති ප්රධානත්වයෙන්