යුද හමුදා පුහුණුවක් අතතුර අත් බෝම්බයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු රෝහල් ගත කර තිබේ.
මාඳුරු ඔය හමුදා පුහුණු කඳවුරේදී අද (29) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
අදාළ අනතුරින් තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් තිදෙනා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාව සහ රුසියානු යුද හමුදාව අතර මේ දිනවලදී පැවැත්වෙන යුද අභ්‍යාසයක් අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට