පිළියන්දල පොලිස් බලප්රදේශයටම ඊයේ උදෑසන සිට පැනවූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව එහි හුදකලා බව ඉවත් කර, අද උදෑසන 5 සිට ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් හුදකලා කර තිබෙනවා.
එසේම, මහරගම පොලිස් බලප්‍රදේශයේ එක් ග්‍රාම සේවා වසමක් ද හුදකලා කර තිබෙනවා.
පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හුදකලා කර ඇති ප්‍රදේශ,
දම්පේ
බටකැත්තර උතුර
කැස්බෑව දකුණ
පැළැන්වත්ත බටහිර
මාකන්දන නැගෙනහිර
මාවිත්තර උතුර
මඩපාත
ගොරකාපිටිය
නාම්පමුණුව
පැළැන්වත්ත නැගෙනහිර
ඊට අමතරව මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරි වසමද හුදකලා කර තිබෙනවා.
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ අසදිතයන් 1000 ත් ඉක්මවලා
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අධීක්ෂණයට යටත් ග්‍රාම නිලධාරී වසම් 26 ක සිදු කළ PCR පරීක්ෂණ වලින් මේ වන විට ආසාදිතයන් 700 කට වැඩි පිරිසක් සහ මැයි පළමු වෙනිදා පුද්ගලයින් 200 සඳහා සිදු කළ PCR පරීක්ෂණයක ප්‍රතිපල අනුව නව ආසාදිතයින් 63 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
අප වෙත වාර්තා වන අන්දමට නිල වශයෙන් පිළියන්දල පොලිස් බලප්‍රදේශය තුළ මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාවද ඉක්මවා තිබෙනවා.
මේ වන විට PCR පරීක්ෂණ පැවැත්වීමේ ක්රියාවලියද වඩා දුෂ්කර වී තිබෙනවා.
ආසාදිතයන් සහ ආශ්‍රිතයන් ප්‍රදේශ කිහිපයක විසිර සිටීමෙන්.
හුදකලා බව ලිහිල් කිරීම පිටුපස දේශපාලන හස්තයක්
මේ තරම් අවදානමක් පවතින මොහොතක පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට සම්පුර්ණයෙන් පනවා තිබු හුදකලා බව, ලිහිල් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ කතා බහ නිර්මාණය වී ඇති අතර ඒ සඳහා යම් දේශපාලන මැදිහත් වීමක් සිදුව ඇති බවටද චෝදනා එල්ලවෙමින් තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට