පිළිකාකාරක පොල් තෙල් තොගයක් වෙළඳ පොලට මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා මැදිහත් වීම පිළිබඳ ප්‍රවෘත්තිය සමාජ ගත වීමත් සමග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් එයට ප්‍රතිචාර දක්වා තිබෙනවා.
සභාපති නුෂාඩ් පෙරේරා මහතාට එල්ලවන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මියයි.
ඇය සඳහන් කරන්නේ මත භේදාත්මක පොල් තෙල් තොග විකිණීම සඳහා මෙතෙක් අනුමැතියක් ලබා දී නොමැති බවයි.
ඇය එවූ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අදාළ පොල් තෙල් තොග මෙරටට ගෙන්වනු ලැබූ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් පිරිපහදුව,එඩ්රිසින් එඩිබල් ඔයිල් සහ කටාන පිරිපහදුව යන සමාගම් දිගුකලක් තිස්සේ මෙරටට පොල් තෙල් ආනයනය කරන බවයි.
එම සමාගම් විසින් ගෙන්වා ඇති මත භේදාත්මක තෙල් තොගවල සාම්පල මේ වන විට පරීක්ෂාවට ලක් කෙරෙන බවත් ගැටළුවක් නොමැති නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව අදාළ ආනයන විකිණීමට අවශ්‍ය අනුමැතිය රේගුවට ලබා දීමට කටයුතු කරන බවත් දක්වා තිබෙනවා.
අදාළ මාධ්‍ය නිවේදනය පහළින්..



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට