මෙතරම් භයානක ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී යනු ඇතැයි කිසිදු පෙර තක්සේරුවක් කිරීමට නොහැකි වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරනවා.
රජයේ තක්සේරු වූයේ මීට වඩා අඩු මට්ටමකින් රෝගය ව්‍යාප්ත වනු ඇති බව වුවද දැන් අපේක්ෂා නොකල මටටමින් වසංගතය විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අන්තර්ජාලය ඔස්සේ කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ රෝහල්වල ඉඩ පහසුකම් ද මේ වන විට අවසන්ව ඇති බවයි.
එබැවින් ඇතැම් රෝගීන්ට නිවෙස් වලට වී සිටින්නට සිදුවනු ඇති බවද ඔහු පැවසුවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට