පාස්කු ප්‍රහාරයට පෙර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවෙකු මුණගැසී ආන්දෝලනාත්මක සාකච්ඡාවක් සිදු කළ රාජ්‍ය බුද්ධි සේවයට සම්බන්ධව කටයුතු කළ නිලධාරියා මුල්වරට මාධ්‍ය හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වී තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ තමන් අදාළ ප්‍රහාරකයා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ ඔහු ආපසු නොහැරෙන තත්වයකට (Point of No Return) පත්ව සිටි බවයි.
තමන් මේ පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා දැනුවත් කිරීමට පියවර ගත් බවද ඔහු මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ පාර රාජ්‍යයක් (Deep State) පවතින බව තමන් දන්නා බවත් එවැනි තත්වයන් ලොව තවත් රටවල පවතින බවත් පවසා ඇති අදාළ නිලධාරියා පාස්කු ප්‍රහාරය එහි මෙහෙයුමක් විය හැකි හෝ විය නොහැකි බව නිශ්චිත වශයෙන් තමන්ට කිව නොහැකි බවද සඳහන් කර තිබෙනවා.
බුද්ධි නිලධාරීන් මිය යන තුරුම තමන් සිදුකළ සහ තමන් දුටු බුද්ධි මෙහෙයුම් සම්බන්ධ රහස් ආරක්ෂා කළ යුතු බවද ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර ඇත්තේ එසේ නොකරන ලද තම මිතුරන්ද අභාග්‍ය සම්පන්න ඉරණම්වලට මුහුණ දුන් බව සඳහන් කරමින් වීම විශේෂත්වයක්.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්