පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මහමොළකරුවන් ලෙස නවුෆර් මව්ලවි සහ හජ්ජු අක්බර් යන පුද්ගලයින් හඳුනාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
නවුෆර් මව්ලවි නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බව ද පැවසු අමාත්‍යවරයා, 2014 දී එම පුද්ගලයා විසින් අයි.එස් මතවාදය ගෙන ආ බවත් සඳහන් කළා.
පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම් අන්තවාදී ක්‍රියා සඳහා යොමුව ඇත්තේ 2016 වසරේදී සිට බවත් ඔහුට අනුබල දී ඇත්තේ ද නවුෆර් මව්ලවි විසින් බවද අමාත්‍යවරයා මෙහිදී හෙළිකළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට