පුත්තලම නාරක්කල්ලිය ප්‍රදේශයේ වාඩියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු යම් ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් මිය ගොස් තිබේ.
එම ස්ථානයේ පුද්ගලයින් සිව්දෙනෙකු සිට ඇති අතර, මුහුදේ සිට පාවී ආ බෝතලයේ තිබූ ද්‍රාවණයක් මෙලෙස පානය කර ඇති බව වාර්තා වෙයි. එම ද්‍රාවණය පානය කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, ඉතිරි තිදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් අයෙකු මිය ගොස් ඇත.
අනෙක් පුද්ගලයින් දෙදෙනා මේ වනවිටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට