Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාලම් පාරුවේ මල මිනී මතිනුත් අවස්ථාවාදීන් දේශපාලනයේ : ඇමති ලන්සාගේ පරස් පාර කතාවෙන් ඇත්ත එළියට

පාලම් පාරුව අනුමත කර ඇත්තේ ආණ්ඩුවෙන් !

කින්නියා ප්‍රදේශයේදී සිදු වූ පාලම පාරුවේ අනතුර සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

කුඩා දරුවන් ඇතුළුව පුද්ගලයින් හය දෙනෙකුට තම ජීවිත අහිමිවූ කුරිඥන්කර්නි කලපුවේ සිදු වූ මෙම ඛේදවාචකය මේ වන විට ශ්‍රී ලංකාවේ සුපුරුදු අශෝභන දේශපාලන ක්‍රමය තුළ දෝලනය වන්නට පටන් ගෙන තිබෙනවා.

1977 වසරේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ පාලම 2015 වසරේ ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග කඩා ගෙනගොස් තිබෙනවා.

කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ට තම ප්‍රශ්නයට විසඳුමක් ලැබී තිබුණේ නැහැ.

පසුගිය අප්‍රේල් මස 11 වෙනිදා නව පාලමක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන්නේ ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේද ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත් වලවල් කිහිපයක් හෑරුවා මිස පාලම ඉදිකිරීමේ කටයුතු වේගවත්ව සිදු නොවූ බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කින්නියා ප්‍රාදේශීය සභාව විසින් පාලම් පාරුවක් අදාළ ප්‍රදේශයේ ජනතාවගේ සේවය යොදවා ඇත්තේ කොන්දේසි කිහිපයක්ද සමගයි.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකෝප වූ ප්‍රදේශයේ ජනතාව ප්‍රදේශ නියෝජනය කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

එකිනෙකාට චෝදනා කරමින් අත පිස දමා ගන්නා නග්න දේශපාලනය

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිමල් ලංසා අමාත්‍යවරයා සඳහන් අද (24) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ජනතාවගේ පහසුව සඳහා පාලම් පාරුවක් යොදා ගැනීම සම්බන්ධයෙන් රජයෙන් අවසර ලබා නොදුන් බවයි.

අදාල පාලම් පාරුව කින්නියා නගර සභාව විසින් අවසරයකින් තොරව සේවයෙහි යොදවා ඇති බවයි.

සමගි ජන බලවේගයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතාගේ මස්සිනා වන කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා විසින් තම දේශපාලන හිතවත්කම් මත මෙම පාරු සේවය පවත්වාගෙන යාම සඳහා නීති විරෝධී ලෙස කටයුතු කර ඇති බව ද එහිදී ඔහු සඳහන් කළා.

එබැවින් නගරාධිපතිවරයා සහ නගර සභාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

දිව දෙකේ කතාව එළියට

කෙසේ වෙතත් පසුගිය ජුලි මස 09 වෙනිදා නිමල් ලන්සා මහතා ම පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කළා.

එහිදී ඔහු සඳහන් කරන්නේ පාරු සේවාව සඳහා තමන් ගෙන් අවසර ඉල්ලා ඇති බවත්, ඒ සඳහා අවසර ලබාදීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත් ය.

මෙම පරස්පර විරෝධී කතාව අනුව පැහැදිලි වන්නේ කුමක්ද?

මේ රටේ ජනතාව මෝඩයින්ද ? බොරු කියන්නේ කවුද ? එකිනෙකාට චෝදනා කර ගනිමින් වගකීම්වලින් කර අරින දේශපාලන ක්‍රමය අවසන් වෙන්නේ කවදා ද?

About The Author