පාස්කු ප්‍රහාරයේ සාපයට සහ ගොවියන්ගේ සාපයට රටේ පාලකයන්ට සහ අඹු දරුවන්ට හෙණ පතිත වේ යැයි අනතුරු අඟවයි
ජනාධිපතිවරයා මේ වන විට අසාර්ථක පාලකයෙකු වී ඇති බවත් මේ හේතුවෙන් රටේ බොහෝ දෙනා කිසිදු චකිතයකින් තොරව රටේ පාලකයාට පිස්සා ලෙස අමතන බවත් පාර්ලිම්න්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පර්ලිම්න්තුවේදී අද (19) පැවසුවා.
යහපාලන රජයේ ක්‍රියාකලාපය මෙන්ම වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් සභාව ඇමතු වෙල්ගම මන්ත්‍රීවරයා පැවසුවේ යහපාලන රජය සමයේ නීති විරෝධී ලෙස මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) පිහිටුවා දේශපාලන විරුද්ධවාදීන්ට විවිධ හිරිහැර සිදු කළ බවයි.
වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති ගැටළු පිළිබඳව ද අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරට සුදුසු නොවන දේශපාලන අත්දැකීම් නොමැති පුද්ගලයෙකු බව පවසමින් තමා ප්‍රසිද්ධියේ විරෝධතාවය පලකලේ මෙම තත්ත්වය අවබෝධ කර ගනිමින් බවයි.
වර්තමානයේ රටේ පාලකයාට පිස්සෙකු ලෙස ආමන්ත්‍රණය කිරිමට ජනතාව කිසිදු බියක් නොදක්වන බවත් පැවසු කුමාර වෙල්ගම මහතා ආණ්ඩුවට බලපා ඇත්තේ පාස්කු ප්‍රහාරයේ සාපය බවද පැවසීම විශේෂත්වයක්.
ගොවියන්ට සිදුකර ඇති විනාශය ගැනද අදහස් දැක්වූ වෙල්ගම මහතා පැවසුවේ ඒ වෙනුවෙන් ද ගොවි ජනතාව පාලකයන්ට හෙණ ඉල්ලා සිටින බවයි.
පාලකයන්ගේ අඹුදරුවන් මුහුදින් එතෙර ජීවත් වුවද හෙන පතිත විය හැකි බව ද වෙල්ගම මහතා මෙහිදී සඳහන් කළා.
දින පනස් දෙකේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව ගොඩනැගීමට ගොස් මහින්ද රාජපක්ෂ මහතා ලැජ්ජාවට පත් වූ ආකාරය ද කුමාර වෙල්ගම මහතා සිහිපත් කළේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද බාධාවකින් තොර වීම විශේෂත්වයක්.
කුමාර වෙල්ගම මහතා මෙම අදහස් පළ කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදය එක්වෙමින්.
විනාඩි 28 ක කාලයක් පුරා දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක කරුණු කීපයක්ම ඔහු විසින් හෙළි කරනු ලැබුවා.
එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ධුරයට පත් කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිළිබඳව අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ ත්‍රස්තවාදි නායකයෙකුට තනතුරක් ලබා දී ඇති බව ලොව පුරා කතාබහට ලක්ව ඇති බවයි.
එස් බි දිසානායක මහතාගේ දේශපාලන භාවිතය ද ඔහු විසින් හෙළා දකිමින් කතා කිරීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි