මෙයට පැය කිහිපයකට පෙර දකුණු පාකිස්ථානයේ මගී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තවත් සිය ගණනකට තුවාල සිදු වී තිබේ.
ඉන්දියානු බලධාරීන් පැවසුවේ සින්ද් පළාතේ ගමන් කරමින් සිටි එක් දුම්රියක් පීලි පැන අනෙක් දුම්රිය මාර්ගයේ ගමන් කොට ඇති බව යි. මගීන් පුරවාගෙන පැමිණි දෙවන දුම්රිය පෙර කී දුම්රියෙහි ගැටීමෙන් පසුව දුම්රිය දෙක ම පෙරළී ගියේය.
බේරා ගැනීමේ කණ්ඩායම් විසින් තුවාල ලැබූවන් අසල පිහිටි රෝහල් වෙත ගෙන ගිය අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විශ්වාස කෙරේ.
පසුගිය වසර කිහිපය තුළ පාකිස්ථානය තුළ මාරාන්තික දුම්රිය අනතුරු මාලාවක් ම සිදු වී තිබේ.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර