පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම ලබන 23 වනදා සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
මාස දහයකට ආසන්න කාලයක් අදාල මන්ත්‍රි ධුරය සඳහා නියෝජිතයකු නම් නොකිරීම හේතුවෙන් පුරප්පාඩුව පැවතුණා.
රනිල් වික්‍රමසිංහ මහතා ජුනි මස 22 වනදා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට කලින් සැලසුම් කර තිබුණද පසුව ඒ සඳහා එළඹෙන විසින් 23 වනදා දිනය යොදා ගැනීමටයි තීරණය වී ඇත්තේ.
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපන් දිනය ජුනි මස 23 වෙනිදාට යෙදී තිබීමද විශේෂත්වයක්.
රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 23 වනදා පෙරවරු 10 ට සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.
එයට සමගාමීව ආගමික ආශිර්වාද වැඩසටහන් රැසක් සංවිධානය කිරීමටද එම පක්ෂය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට