බැසිල් රාජපක්ෂ රටින් පැනගොස් ඇති බවට විපක්ෂය චෝදනා කරන්නේ පළමු වතාවට නොවන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, අද (20) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙරට ඩොලර් ප්‍රශ්නය රටේ ගැටළුවක් නොවන බවත් ඩොලර් උපයන ආදායම් මාර්ග බිඳ වැටී තිබීම ඊට හේතුව වී ඇති බවත් පවසන ඒ මහතා සංචාරක කර්මාන්තය වැනි කර්මාන්ත නැවතත් යථා තත්වයට පත් වෙමින් පවතින නිසා එම ගැටළුව ක්‍රමයෙන් පහව යනු ඇති බව පවසනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
“කියන්න දෙයක් නැති උනාම වැඩක් කරන මිනිහෙක්ට මොකක් හරි කියන්න ඕනෙනේ. වැඩක් නොකර මේකෙ හිටියත් වැඩක් නෑනේ. ඒ මනුස්සයටත් ජීවතයක් තියෙනවා. එයාගෙ නිවාඩුවට ගිහිල්ලා ආපස්සට එනවා. ගැටළුවක් නෑ යන්න පුළුවන්, එන්න පුළුවන්. පැනලා යන්නෙ නෑ ජීවිතේට රාජපක්ෂලා”
© News19


අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?