කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අත්හිටවූ යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් සේවා කටයුතු එළඹෙන 12 වනදා යළි අරම්භ කිරීමට නියමිත බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි
අද (05) පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2019 ඔක්තෝම්බර් 17 වනදා විවෘත කළේය.
පසුව කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු නවතා දැමීමට බලධාරීන් තීරණය කළේය.
“පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගැන කියනවානම් පසුගිය කාලය තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් අපිට වහන්න සිද්ධ වුණා. නමුත් එහි නැවත ඔපරේෂන් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා මේ මාසයේ 12 වනදා වෙනකොට පළමු ගුවන්යානය ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙනවා.”


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්