Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පරණ රනිල්ම තමයි කිසිම වෙනසක් වෙලා නෑ : බහුතරය තියෙන්නේ අපි ළඟ – සජබ මහලේකම් මද්දුම බණ්ඩාර

බකට් පෙරලිලි නෑ හොද දේට හොදයි කියනවා : අපි ඇමති කම් භාර ගන්නේ නෑ : විපක්ෂයේ ඉන්නවා

තවමත් සිටින්නේ තමන් එදා සිටි රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුගේ කිසිදු සාධනීය වෙනස්කමක් සිදු වී නොමැති බවත් සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

Mee Massoo TV සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම කරුණු හෙළි කළා.

සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ පැහැදිලි කොන්දේසි ජනතාව හමුවේ ප්‍රසිද්ධ කළ බවත් වික්‍රමසිංහ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර එකඟතාවයන් තවමත් රහසක් බවත් ඔහු මෙහිදී පෙන්වා දෙනවා.

සමගි ජන බලවේගයේ පක්ෂයේ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා ස්වාධීනව කටයුතු කරන්නේදැයි සිදු කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ තම පක්ෂයේ කිසිවෙකුගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය සඳහා හිමි නොවන බවයි.

පාර්ලිමේන්තුවේ 113 ඉක්ම වූ  බහුතර විපක්ෂ බලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සතුව පවතින බව ද ඔහු මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම අගමැති වික්‍රමසිංහ මහතා යටතේ ගොඩනගන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූරය කිසිවක් බාර නොගැනීමට තම පක්ෂය තීරණය කර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා ගනු ලබන සාධනීය පියවර සම්බන්ධයෙන් තම පක්ෂයේ සහාය ලබාදෙන බවත් තමන් ජනතාව සමඟ එක්ව අරගලය වෙනුවෙන් සිට ගන්නා බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.

ඒ අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට සමාජයේ ඇති ස්ථාවරය තම පක්ෂයේ ස්ථාවරය බවද ඔහු සඳහන් කළේ පසුගිය දින කිහිපය මුළුල්ලේ සිදු වූ දේශපාලන සාකච්ඡා කිහිපයක අභ්‍යන්තර කරුණු රැසක් ද මුල් වරට මාධ්‍යය‍ට හෙළි කරමින්.

About The Author