Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නීති කඩා Party දැමූ ඇත්තෝ ඇපත් අරන් ගෙවල් වලත් යති – නීති කැඩූ හෝටලය ගැන මීක් නෑ – පොලිසියටත් කට උත්තර දෙන්න වෙයි ද?

කොරෝනා සංචරණ සිමා උල්ලංඝනය කරමින් කොළඹ සුප්‍රසිද්ධ හෝටලයේ හයවන මහල තුළ ඊයේ (30) රාත්‍රී උපන්දින සාදයක් පැවැත්වීමේ චෝදනාව මත රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි යන දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාල ඇතුළු පාර්ශව කිහිපයකින් මෙම සිදුවීම අනාවරණය කිරීමත් සමගයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් යාමට මත්තෙන් ඔවුන් දෙදෙනාම අප මත මුදා හැරුණා.

ඒ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම උපන්දින සාදයට ආරාධිතයින් 30 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇත්තේ චන්දිමාල් ජයසිංහ මහතාගේ ආරාධනය අනුවයි.

එම ආරාධිතයින් අතර දේශපාලකයින්, නිරූපණ ශිල්පීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

මෙම සිදු වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරන්නේ හෝටලයේ ඇති CCTV දර්ශන පරික්ෂා කර බලා සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙහි ඇති පුදුම සහගත සිදු වීම වන්නේ උපන්දින සාදයට අයිතිකරු වන චන්දිමාල් ජයසිංහ සහ එයට සහභාගී වූ පියුමි හංසමාලි යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබියදී ඔවුන් හරහා සාදයට පැමිණි සෙසු පිරිස අනාවරණය කර ගැනීමට පොලිසියට නොහැකි වීමයි.

එමෙන්ම සංචරණ සිමා පනවා ඈති මොහොතක අධිඅරක්ෂිත කොළඹ නගරයේ ඇති පොලිස් මාර්ග බාධකද මඟහැර අත්‍යවශ්‍ය සේවා ගණයන්ට අයත් නොවන පිරිසක් එම හෝටලයක් වෙත පැමිණියේ කෙසේද යන්න පිළිබඳ විශාල ආන්දෝලනයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

අනෙත් වැදගත් කරුණ වන්නේ රටේ සංචරණ සීමා පනවා ඇති මොහොතක තම හෝටලයේ කොරෝනා නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් සැපයු අදාළ විදේශ රටකට හිමි අදාළ හෝටලය සම්බන්ධයෙන් ගනු ලැබූ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් මේ දක්වා වාර්තා නොවීමයි.

About The Author