Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නිධන් හොරු නැවත හිස ඔසවයි – සිතුල්පව්ව මඟුල් මහා සෑයත් කඩයි

අපරාධකරුවන් සොයා විශේෂ මෙහෙයුමක්

කිරින්ද සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ නිධන් හොරු බිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙහි ප්‍රධාන අපරාධකරු ලෙස මේ වන විට හඳුනාගෙන සිටින ‘දෙබරවැව රුවන්’ නමැති පුද්ගලයෙකු සොයා මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම දාගැබ කඩා එහි නිදන් කර තිබූ පූජාවස්තු පැහැර ගැනීමට උත්සාහ කිරීමේදී ඉන් එක් අයෙක් යුද හමුදා නිලධාරියෙකු විසින් අල්ලාගෙන පොලීසියට භාරදී ඇතැයි ද සදහන්.

මෙම අපරාධකරුවන් දැබැබේ ගර්භය බිඳ, එහි තැන්පත් කර තිබූ නිධන් වස්තු යම් ප්‍රමාණයක් සොරා ගෙන, බිඳ දැමූ කොටස ප්ලාස්ටර් පැරිස් යොදා වසා දමා නික්ම යන්නට උත්සාහ ගත් අවස්ථාව්දී යුද හමුදා නිලධාරියා සිද්ධිය දැක ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු අල්ලා ගෙන ඇති අතර අනෙක් පිරිස පළා ගොස් ඇතැයි ද පොලීසිය පවසනවා.

ඒ අනුව, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනකු මේ වන විට කිරින්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිතුල්පව්වේ ප්‍රධාන ස්ථූපය කාවන්තිස්ස රජු විසින් ඉදිකරනු ලැබ ඇති බව සලකන අතර පරිවාර දාගැබ් වසබ රජු දවස ඉදිකළ බව සැළකෙනවා.

මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාවක් ද ආරම්භ කර තිබෙනවා.

About The Author