Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දේශ පාලනය නොකරන රටේ එකම ව්‍යාපාරය සමගි ජනබලවේගය ගැන සජිත් කතා කරයි

තට්ටු මාරු කයිවාරු කාරයන්ට රට කරන්න බෑ : විපක්ෂයේ ඉඳගෙනත් අපි රටට වැඩ කරනවා

සමගි ජන බලවේගය පක්ෂ දේශ පාලනය නොකරන බවත් ඒ වෙනුවට දේශ සේවය තෝරාගෙන ඇති බවත් සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තට්ටු මාරු ක්‍රමය සහ කයිවාරුව රටේ ජනතාව අසරණ කර ඇති බවයි.

ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ කාර්යභාරය ද ජනතා සේවයට කැපවීම බව පවසන ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හරහා “හුස්ම” වැඩසටහන දියත් කර රටේ ජනතාව වෙනුවෙන් බොහෝ දේ ලබා දු බවද සිහිපත් කළා.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා ‍මුත්තූර් ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවකට එක්වෙමින්.

රටක් ගොඩනැගිය හැකි ප්‍රායෝගික එකම විකල්පය සමගි ජන බලවේගය බවද ඔහු එහිදී අවධාරණය කළා.

About The Author