Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දේශපාලන වාසි වෙනුවෙන් මාධ්‍යවේදීන්ගේ නම් විකුණු යහපාලනයට එරෙහිව නඩුවක් ?

ඕව නතර කරන්න නැත්නම් වෙන දේ බලාගන්න පුළුවන්, කියා අපිට තර්ජනය කළා” 2009 වසරේ දී සුදුවෑන් වධකාගාරයක මරණාසන්න අත්දැකීමකට මුහුණ දුන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් පෝද්දල ජයන්ත වසර 12 කට පසු විශේෂ අනාවරණයක

දේශපාලන වාසි වෙනුවෙන් 2015ට පෙර පැවති රජය සමයේ විවිධ හිරිහැරයන්ට ලක් මියගිය අතුරුදන්වූ පහරකෑමට මාධ්‍යවේදීන් ගේ චරිත භාවිත කොට සිය දේශපාලන වාසි සඳහා ඒවා යොදාගනිමින් කටයුතු කළ යහපාලන රජයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් පෝද්දල ජයන්ත මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ Mee Massoo TV සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

දේශපාලන සරණාගත භාවය ලබා දැනට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පදිංචිව සිටින පොද්දල ජයන්ත මහතා අන්තර්ජාලය හරහා අප සමග සම්බන්ධ වුණා.

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා 2009 වසරේ සුදු වෑන් රථයකින් නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ දී තමා පැහැරගත් සිදුවීම සහ ඊට ආසන්නතම තවත් සිදුවීම් කිහිපයක් ද හෙළිකළේ වඩාත් සංවේදී වෙමින්.

ඔහු සඳහන් කළේ මාධ්‍ය හරහා අනාවරණය කළ කරුණු කාරණා වලට වඩා මාධ්‍ය නිදහස වෙනුවෙන් තමන් සිදුකළ වීදි සටන් පිළිබඳ පාලකයින් දැඩි නොසතුටින් පසු වූ බවයි.

එය තමන්ට පහර දීමට හේතු වූ බව ද ඔහු සඳහන් කළා.

තම රාජකාරියට බලපෑම් කළ අමාත්‍යවරුන්, පක්ෂ විපක්ෂ දේශපාලකයින් සහ කතෘවරුන් ඇතුළු පුද්ගලයින් රැසක් පිළිබඳව ද පෝද්දල ජයන්ත මහතා මෙම සාකච්ඡාවේදී කරුණු හෙළි කිරීම විශේෂත්වයක්.

අදාල සම්පූර්ණ සාකච්ඡාව පහලින්..

About The Author