දුම්රිය එන්ජින් රියදුරන්ගේ වෘත්තීය සමිතියක් අද (13) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය මේවන විට අවසන් කර තිබේ.
ඒ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමටගොඩ පිහිටි ජලශක්ති ධාවනාගාරයේ පරිපාලනයේ අවිධිමත් තීරණයවලට එරෙහිව දුම්රිය එන්ජින් රියදුරන්ගේ වෘත්තීය සමිතියක් අද පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.
මේ හේතුවෙන් අද දින ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 5ක් ඇතුළු දුම්රිය 14ක් අවලංගු කර තිබුණි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට