Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දිස්ත්‍රික්ක 8කට යූරියා නොමිලේ

මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවීන් සඳහා යුරියා පොහොර මිටියක් බැගින් නොමිලයේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

වවුනියාව, මුලතිව් ,ත්‍රිකුණාමලය, අනුරාධපුර, මොනරාගල ,බදුල්ල, හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා මෙලෙස යූරියා පොහොර නොමිලේ ලබාදීමට තීරණය කෙරිණි.

මෙම මස 17 මෙරටට මඩ පොහොර ලැබුනු වහාම උතුරු හා නැගෙනහිර පළාත් වලට ඒවා බෙදාහැරීමට ප්‍රමුඛත්වය ලබා දීමටත් වී හා අනෙකුත් අතිරේක බෝග සදහා අවශ්‍ය බීජ කඩිනමින් ලබා දීම,මඩ පොහොර, යුරියා පොහොර හා බන්ඩි පොහොර යන රසායනික පොහොර වර්ග තුනම කන්න තුනකට පසු එකම කන්නයට ලැබෙන පළමු අවස්ථාව මෙයවීම නිසා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර ලබා දීමටත් තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

About The Author