Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දිලුම්ගේ අලුත් ඇමතිකම පිළිබඳ මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ස්ථාවරය මෙන්න

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ ඒ මහතා හිට්ලර් කෙනෙකු වනු ඇති බවටය යනුවෙනුත් ඒ අනුව ක්‍රමිකව ඒ මහතා හිට්ලර් කෙනෙකු වනු ඇතැයි” ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ දිළුම් අමුණුගම මහතාට ප්‍රජා පොලිස් අමාත්‍ය ධුරය ලබාදීමෙන් සිදුව ඇත්තේ එම කතාව තහවුරු කිරීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමට මූලිකව ක්‍රියා කළ ප්‍රබල භික්ෂුවක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

“මං හිතනවා ඉතිං සාමාන්‍යයෙන් ඉතිං ඒවගේ කෙනෙකුට ගැලපෙන තැනක් වෙන්න ඇති. නැත්තං හිට්ලර් කියන වචනෙ දැක්කාම .. පොලිසිය හමුදාව කරන්නෙත් ඒවගේ කාර්යභාරයක් නෙ. ඒ වචනෙ තවත් තහවුරු වෙනවා එතනින්. වෙන මොකක්ද නැත්තං ? වෙන පුද්ගලයින්ට මේ .. ඒක දැනගන්නට ඕනෑ දැනගෙන හෝ නොදැන කියනවා නම් අපි ගෝඨාභය ජනාධිපතිතුමාව පත් කළේ හිට්ලර් කෙනෙක් වෙන්න නෙවෙයිනෙ. තිබුණු හිට්ලර්වාදය තුරන් කරලා සාමකාමී මහජන නි‍යොජිතයෙක් බවට පත් කරන්නනෙ අපි. ඉතිං කවුරුහරි කියනවා නම් මෙයා හිට්ලර් කෙනෙක් වියයුතුයි කියලා, ඒ කිව්ව පලියට එයාට තවත් තනතුරු දෙනවා නම් ඒක ඉතිං වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද මේ අමාරුව කියන්න තමා තියෙන්නෙ” යනුවෙනුයි ද උන්වහන්සේ සඳහන් කළා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ දිළුම් අමුණුගම මහතාට ප්‍රජා පොලිස් අමාත්‍යාංශය භාරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින්. 

About The Author