Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දින 10 ක් රට වැසීමෙන් පීඩාවට පත් ජනතාවට රු 2000ක දීමනාවක්

ඇමති බැසිල්ගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය තීරණය කරයි

අගෝස්තු 30 වැනි දා දක්වා රට වසා දමා ඇති කාලසීමාවේදී ආදායම අහිමි වූ පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවනවා.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලබන සදුදා සිට දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් වන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම්දී තිබේනවා.

මීට පෙර රට වසා දැමූ කාලයේදී මසක කාලයකට රුපියල් 5000ක දීමනාවක් රජය විසින් ලබා දුන් අතර මෙවර දින 10ක කාලය සඳහා රුපියල් 2000 ක දීමනාවක් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

About The Author